පාස්කු දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. ශ්රී ලාංකීය කිතුණු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී මිලේච්ජ ප්රහාරයකට වරක ගොදුරු විය.
ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නොමැති බව, ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ පාපී ක්රියාවට වැරදිකරුවන් වන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් නොතබන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බව, පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියා සිටී.