අන්තවාදී මතවාද ප්‍රචලිත කළ 2ක් අත්අඩංගුවට

අප්‍රේ 02, 2021

    වට්ස්-ඇප් ඔස්සේ අන්තවාදී මතවාද ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ නිරතවූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින්. ඔවුන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. 28 හා 29 හැවිරිදි සැකකරුවන් පසුගිය නොවැම්බර් 26 වැනිදා කටාර් රාජ්‍යයෙන් පිටුවහල්කර එවූ හය දෙනාගෙන් දෙදෙනෙක් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සෙසු සිව් දෙනා මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් මෙහෙයවූ වට්ස් ඇප් ජාලය මගින් කටාර් රාජ්‍යයේ සිට මෙරට වහබ්වාදය හා අන්තවාදය ප්‍රචලිත කරන තොරතුරු හා වීඩියෝ දර්ශන එවා ඇති බව හෙළි වී තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු විවිධ ස්ථානවල දර්ශන සමූහයක් ද මේ ඔස්සේ එවා තිබේ.

    Latest News