දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කමිටුවේ බලතල පුළුල් කෙරේ

අප්‍රේ 02, 2021

    යහපාලන රජය සමයේ සිදු කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ බලතල පුළුල් කර තිබේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසින්. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත සමරකෝන්, හේමා කුමුදුනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්ම-මහත්මීන් කමිටුවේ සාමාජිකයන්.

    එම කමිටුවට පැවරී ඇති වගකීම් පුළුල් කරමින්, ජනාධිපති ලේකම්වරයා විසින් නව ගැසට් පත්‍රය නිකුත් කෙරිණ. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, බලය අනිසි ලෙස භාවිත කිරීම, දූෂණය, සාපරාධී සාවද්‍ය පරිහරණය, වංචා කිරීම යන කරුණු මෙම ගැසට් පත්‍රයට ඇතුලත් කර ඇත්තේ දේශපාලන පළිගැනීම්වලට අමතරවය.

    Latest News