පාර්ලිමේන්තුව අද සිට දින 4ක් රැස්වේ

මාර් 23, 2021

    පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. ඒ අනූව අද සිට ලබන 26 වැනිදා දක්වා දින 04 ක් සභා රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව අද දිනයේදී රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක් ද විවාදයට ගැනීමට නියමිතයි.

    අද පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව ද විවාදයට ගනු ඇති.

    මේ අතර හෙට දිනයේදී මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි 2ක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.

    අනතුරුව පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

    මේ අතර පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු 25 සහ මාර්තු 26 යන දෙදින තුළ පැවැත්වීමටයි නියමිත බව වාර්තා වෙයි.

    Latest News