NSB; නව QR ක්‍රමවේදය හඳුන්වා දෙයි

මාර් 20, 2021

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ QR ක්‍රමවේදය හෙවත්, ක්ෂණික ප්‍රතිචාර කේත භාවිතය හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය අද මහනුවර දී පැවැත්විණ.

    ඒ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. අන්තර්ජාලය හා සම්බන්ධව සුහුරු තාක්‍ෂණය යොදා ගනිමින්, ඩිජිටල් මුදල් හා අන්තර්ජාල මුදල් භාවිත කිරීමට ජනතාව පෙළඹවීම මෙහි අරමුණයි.

    QR ක්‍රමවේදය හඳුන්වාදීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කේෂලා ජයවර්ධන මහත්මියට මෙහිදී ඇගයීම් තිළිණයක් පිරිනැමිණ. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් ‍මේ අවස්ථාවට එක්වූහ.

    Latest News