උඩවලව ගංජා හේන් තුනක් එස්.ටී.එෆ් අත්අඩංගුවට

මාර් 21, 2021

    උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයේ අලුත්වෙල රක්ෂිතයේ ඊයේ (20) සිදු කල හදිසි වැටලීමකදී රුපියල් කෝටි එක හමාරකට අධික වටිනාකමකින් යුත් ගංජා හේන් තුනක් වටලා තිබේ.

    මෙය ඉතාමත්ම රහසිගතව මහ වනයක් මැද අඩි හතකට ආසන්න උසකින් යුතුව වගාකර ඇත. එහි ගංජා ගස් දස දහසකට වඩා තිබී ඇති අතර, ඒවායේ වටිනාකමක රුපියල් කෝටි එක හමාරකට අධික බව පොලිසිය පවසයි. උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර, සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News