මීතිරිගල සේද ඉඩම ගැන උණුසුම් තත්වයක් (වීඩියෝ)

මාර් 20, 2021
  • අන පනත් සකස් කිරීම හා සංශෝධන සිදු කරන්නේ නිලධාරීන් බැවින්, රටේ පවතින තත්වයට ඔවුන් ද වගකිව යුතු බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ, නිලධාරින් සකස් කළ අන පනත්වල ගැටලු මතුවන විට එහි වගකීම දේශපාලඥයින් මත පැටවීමට, ඇතැමුන් උත්සාහ දරන බවයි. ගම්පහ අද පැවති රැස්වීමකදී ඔහු මේ බව කියා සිටියේය.

    ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම, අද ගම්පහ, නයිවල ප්‍රදේශයේදී පැවැත්විණ. ප්‍රදේශයේ වන සංරක්‍ෂණ හා ඉඩම් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරිණ. මේ අවස්ථාවට ප්‍රසන්න රණතුංග, එස්.එම්. චන්ද්‍රසේන, යන අමාත්‍යවරු සහ නිලධාරින් එක්වූහ. දොම්පේ මීතිරිගල සේද ඉඩම් සම්බන්ධයෙන් ඇති වූයේ උණුසුම් තත්වයක්.

    Last modified on සෙනසුරාදා, 20 මාර්තු 2021 19:48

    Latest News