යාපනය-වඩුක්කෝට්ටෙයිට නව තැපැල් කාර්යාලයක්

මාර් 19, 2021

    රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා එලදායි ලෙස යොදා ගැනීමේ අරමුණින් තැපැල් සේවාව පුළුල් නවීකරණයකට ලක් කිරීමට පියවර ගෙන ඇති බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    දැනටමත් ඒ සඳහා වැඩපිළිවෙළ රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    යාපනය වඩුක්කෝට්ටෙයි නව තැපැල් කාර්යාලය අද (19) විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. රුපියල් ලක්‍ෂ 80ක වියදමින් ඉදි කළ තැපැල් කාර්යාලය සියලු පහසුකම්වලින් සමන්විතයි. එය ජාලගත සහ පරිගණක ගතකර තිබේ.

    අනතුරුව අමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික් ප්‍රධාන තැපැල් කාර්යාලය නිරීක්‍ෂණය කළේය. එහි නිලධාරීන් සමඟ සුහද කතාබහක නිරත වූ ඔහු තැපැල් කාර්යාලයේ අඩු-පාඩු පිළිබඳවද විමසා බැලීය.

    පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, තැපැල්පති රෝහණ ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්වූහ.

    Latest News