ජාතික පරිසර පනතට අලුත් වගන්ති 42ක්

මාර් 19, 2021

    වසර 20කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක්නොවූ ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය මේ වනවිට කටයුතු යොදා තිබේ.

    මේ සම්බන්ධව සාකච්ඡාවක් පසුගිය 16 වනදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

    මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහාත් පැවැති මෙම සාකච්ඡාවේ දී ජාතික පරිසර පනත සංශෝධනය කිරීම පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇත.

    දැනට ක්‍රියාත්මක ජාතික පරිසර පනත යටතේ පවතින බලතල පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ප්‍රමාණවත් නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙන්වා දී තිබේ.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බව මාධ්‍ය තුළින් පළවන කරුණු අසත්‍ය නොවන බව පෙන්වා දුන්නේය.

    විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන්ම ඇතැම් නිලධාරින් ද මෙම පරිසර හානිය පසුපස සිට කටයුතු කරන බව නොරහසක් බව ද අමාත්‍යවරයා කියයි.

    ඒ අනුව රටේ සමස්ත පාරිසරික සුරක්ෂීතතාවය උදෙසා ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා බලතල සහිත ශක්තිමත් වගන්ති රැසක් ඇතුළත් කිරීමට සිදුව තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

    කෙසේ වුවද මේ රටේ සමස්ත පාරිසරික සුරක්ෂීතතාවය උදෙසා ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා බලතල සහිත ශක්තිමත් වගන්ති රැසක් ඇතුළත් කිරීමට සිදුව තිබෙන බවත් අවධාරණය කරයි.

    ජාතික පරිසර පනත සංශෝධනයේ දී ඊට ශක්තිමත්ව නෛතික බලයක් ලැබෙන පරිදි අලුත් වගන්ති 42ක් ඇතුළත් කිරීමට තීරණය කරනු ලැබීය.

    විශේෂයෙන් පරිසරයට හානි කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදිය හැකිවන පරිදි දැනට ඇති වගන්ති සංශෝධනය කරන ලෙසත් මේ වනවිට පරිසර පනතට ඇතුළත් නොවන එහෙත් පරිසර සුරක්ෂිතතාවය උදෙසා වැදගත්වන නව වගන්ති ද ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

    ඒ නිසා, සිදුවිය හැකි පරිසර හානි වළක්වා ගැනීම අරමුණු කරගනිමින් කඩිනමින් මෙම පරිසර පනත සකස් කිරීම අවසන් කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇත.

    පරිසරය සුරැකීම සඳහා අඩු තරමින් එක් ගහක් වත් රෝපණය කිරීමට කටයුතු නොකරන මිනිස්සු අක්කර ගණන් වනාන්තරය විනාශ කරන්නේ නම් ඊට කිසිසේත්ම සමාවක් නොදිය යුතු බවත් එමනිසා ජාතික පරිසර පනත ශක්තිමත් කිරීම මගින් ඉදිරියේ දී සිදු විය හැකි පරිසර හානි වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් කඩිනමින් මෙම පරිසර පනත සකස් කිරීම අවසන් කරන ලෙසත් අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇත.

    Latest News