රුසියාවේ ප්‍රමුඛ ධනවතෙකු, වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා සොයා බලයි

මාර් 18, 2021

    දිවයිනට පැමිණ සිටින රුසියාවේ ප්‍රමුඛ ධනවතෙකු වන අන්දේ මෙල්නිචෙන්කෝ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලිමට ඊයේ එක්විය.

    මෙල්නිචෙන්කෝ ස්විස්ටර්ලන්තයේ දැවැන්ත පොහොර සමාගමක් වන යූරෝ චෙම් සමූහ ව්‍යාපාරය සහ රුසියාවේ බලශක්ති සමාගමක් සුවෙක් හි මහා පරිමාණ ආයෝජන සිදුකර ඇති බිලියනපතියෙකි.

    කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වූ ඔහු එහි වත්මන් ඉදිකිරීම් හා සංවර්ධන සැලසුම් පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය. මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයින්ගේ කිහිප දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්වූ බවයි, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා මෙහිදී කියා සිටියේය.

    යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ හිටපු සාමාජිකයෙකු වන නිරංජන් දේවආදිත්‍ය මහතා ද මේ අවස්ථාවට එක්විය.

    Latest News