දුම්රිය වර්ජනය අවසන්

මාර් 18, 2021

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද මධ්‍ය්හන 12.00න් අවසන් කෙරිණ.

    ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ජාවකින් අනතුරුවයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රි සිට.

    කෙසේ වුවද මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද ඔවුන් කටයුතු කළේය. එහෙත් ප්‍රදේශ ගණනාවක දුම්රිය මගීන් වැඩවර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්විය.

    දුම්රිය සමිති නියෝජිතයන් සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අතර, සාකච්ජාව පැවැත්වුණේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී. එහිදී ගැටලුවලට සාර්ථක විසඳුම් ලැබීම නිසා වැඩවර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කළේය.

    Latest News