හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ බිරිඳ ඉඩම් නඩුවකින් නිදහස්

මාර් 15, 2021

    ව්‍යජ ඔප්පුවක් සකස් කරන මහරගම ප්‍රදේශයේ අක්කර එක හමාරක ඉඩමක් පවරා ගත්තේ යැයි චෝදනා කරමින් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද නියෝග කළා.

    මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මූලික විරෝධතා ඉදිරිපත් කළ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා එම නඩුවට පාදක වන අපරාධය සිදුවී ඇතැයි පැවසෙන්නේ 1996 වසරේ බව සඳහන් කළා.

    ඒ අනුව මෙම අපරාධ සිදුවී මේ වන විට වසර 20 කට වැඩි කාලයක් ගත වී ඇති බවත් යම් අපරාධයක් සිදු වී වසර 20 කින් පසුව නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට නීතිමය ප්‍රතිපාදනයක් පවතින බව පෙන්වා දුන් නීතිඥ සමරසිංහ මහතා ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි අධිකරණය ඉල්ලා සිටියේ.

    ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව විත්තිකරුවන්ට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා දනුම් දුන්නා.

    අනතුරුව වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ ශාමිලා ප්‍රියදර්ශණී පෙරේරා යන අය නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කළා.

    Latest News