තායි ලයන් ගුවන් සේවය ශ්‍රී ලංකාවට

ජන 31, 2019

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඊයේ ආරම්භ විය. දෙරටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට මෙය පිටුවහලක් වනු ඇති.

    මෙසේ ආරම්භ කෙරුණේ තායි ලයන් ගුවන් සේවය යි. දිනකට එක් ගුවන් වාරය බැගින්, ගුවන් වාර 7ක් සතියක් තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. අඩු මුදලකින් ඉහළ පහසුකම් සහිතව ගමන් කිරීමේ පහසුකම් මෙම ගුවන් සේවය මගින් සැපයෙයි.

    තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති චූලමනී චාර්ට්සුවන් සහ ගුවන් තොටුපොළ හා ගුවන් සමාගමේ සභාපති ධම්මික රණතුංග යන මහත්ම - මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය

     

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ජනවාරි 2019 14:57

    Latest News