අගමැතිතුමා DAG ඇපරල් ඇඟලුම් කම්හල විවෘත කරයි

මාර් 06, 2021

    නව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) විවෘත කෙරිණ.

    එය පිහිටා ඇත්තේ මොණරාගල මදුරුකැටිය ප්‍රදේශයේ. රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් නව කර්මාන්ත ශාලාව ස්ථාපිත කර තිබේ. එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරයා එහි නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ආකාරය ද නිරීක්‍ෂණය කළේය.

    එමගින් නිර්මාණය වී ඇති සෘජු රැකියා අවස්ථා සංඛ්‍යාව 600ක්. තවත් 3000කට පමණ වක්‍ර ප්‍රතිලාභ හිමිවනු ඇත. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිපදවෙන නිමි ඇඳුම් අපනයනයෙන් වසරකට රුපියල් කෝටි 350ක ආදායමක් ලබාගැනීමට අපේක්‍ෂිතයි.

    විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ හා විජිත වේරුගොඩ යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතයින් සහ කම්හලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගාමිණි කීර්තිරත්න මහතා ඇතුළු පිරිසක් මීට එක්වූහ.

    Latest News