රාවණාඇල්ල රක්‍ෂිතයේ ගින්න නිවා දමයි

මාර් 06, 2021

    රාවණාඇල්ල රක්‍ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 300ක් පමණ විනාශ වී තිබේ.

    ඊයේ පස්වරුවේ හටගත් ගින්න අද (06) දහවල් වනවිට සම්පූර්ණයෙන් නිමා දමා තිබේ. ඇල්ල වනජීවි ඒකකය, යුද හමුදාව හා ඇල්ල පොලිසිය එක්ව ගින්න නිවා දැමුවේය. රක්‍ෂිත ප්‍රදේශය අධික බෑවුම් සහිත වීම සහ එහි ගල් පර්වත පැවතීම හේතුවෙන් ගින්න නිවා දැමීම දුෂ්කර විය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Latest News