ලෝක ප්‍රවාහන දිනය අද

මාර් 06, 2021

    ලෝක ප්‍රවාහන දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 'සිටිබස්' සේවාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රදර්ශනාත්මක රිය පෙරහැරක් අද ක්‍රියාත්මක කළේය.

    මගීන් සඳහා සුව පහසු ආරක්ෂාකාරී ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් සිටිබස් සේවාව ආරම්භ කෙරුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනූවයි.

    මෙම ප්‍රදර්ශනාත්මක රිය පෙරහැර අද උදේ 9.00ට ආරම්භ කෙරුණේ, පනාගොඩ යුද හමුදා කඳවුර අසළින්. එය හයිලෙවෙල් මාර්ගය ඔස්සේ හෝමාගම,කොට්ටාව,මහරගම,නුගේගොඩ,තුම්මුල්ල මංසන්දිය,බම්බලපිටිය,කොල්ලුපිටිය හරහා කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

    ඉන් අනතුරුව නැවතත් කොම්පඤ්ඤ වීදිය,බොරැල්ල,රාජගිරිය,බත්තරමුල්ල,කොස්වත්ත,තලවතුගොඩ හරහා පන්නිපිටියෙන් සිටිබස් ප්‍රදර්ශනාත්මක රිය පෙරහැර අවසන් කිරීමට නියමිතයි.

    Latest News