කොවිඩ්-19; මෘතදේහ භූමදානයට අති විශේෂ ගැසට් නිවේදනයක් (වීඩියෝ)

පෙබ 26, 2021
  • කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානයට අවසර දෙමින් ඊයේ මධ්‍යම රාත්‍රී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ.

    ඒ, නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේයි. ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්. නව ගැසට් නිවේදනයට අනුව, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහය ආදාහනයට හෝ භූමදානය කිරීමට හෝ අවසර හිමිවේ.

    භූමදායනය කරන්නේ නම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක එම බලධාරියාගේ අධීක්‍ෂණය යටතේ භූමදානය සිදු කළ යුතුය.

    කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා තාක්‍ෂණික කමිටුව ලබාදුන් අවසරයට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    Last modified on සිකුරාදා, 26 පෙබරවාරි 2021 21:17

    Latest News