රයිෆල් වෙඩි තැබීමේ ශුරතාව; ගැමුණු හේවා රෙජිමේන්තුවට

පෙබ 26, 2021

    2021 යුද හමුදා අන්තර් රෙජිමේන්තු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියේ දී, විවෘත අංශයේ සමස්ත ශුරතාව හිමිකර ගැනීමට යුද හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුව සමත්විය.

    ජයග්‍රහණය කළ කණ්ඩායම් හා ක්‍රීඩකයින් වෙත සම්මාන පිරිනැමුණේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගිත්වයෙන්. දියතලාව, ප්‍රගුණ හා සැඟවුණ වෙඩිකරු පුහුණු පාසලේ දී උත්සවය ඊයේ පැවැත්විණ. විවෘත සේවා රෙජිමේන්තු හා ආධුනික වශයෙන් කාණ්ඩ තුනක් යටතේ අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩි තැබීමේ තරගාවලිය සංවිධාන කර තිබිණ.

    සහභාගි වූ කණ්ඩායම් සංඛ්‍යාව 38ක්. විවෘත අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ගජබා රෙජිමේන්තුව සහ විශේෂ බළකාය විසින් දිනාගනු ලැබීය. ආධුනික කාණ්ඩය යටතේ, අති ශුර වෙඩික්කරු සම්මානය දිනා ගත්තේ, කමාන්ඩෝ රෙජිමේන්තුවයි. සේවා කාණ්ඩය යටතේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය විසින් දිනාගනු ලැබීය.

    ගැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ ලැබූ ප්‍රායෝගික පුහුණවේ ප්‍රවීනත්වය පිළිබිඹු කරමින් ප්‍රායෝගික වෙඩි තැබීමේ නිරූපනයකින් ද උත්සවය වර්ණවත් කෙරිණ. ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සේනා විධායක, ශ්‍රී ලංකා සැහැල්ලු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් විපුල ඉහළගේ ඇතුළු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News