තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය ලබන වසරේ ජුනි මස වනවිට අවසන්

පෙබ 26, 2021

    තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය ලබන වසරේ ජුනි මස වනවිට අවසන් කිරීමට නියමිත බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

    මෙය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක විශාලතම පානීය ජල ව්‍යාපෘතියයි. මීට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 1500ක්. ව්‍යාපෘතියෙන් මහවැලි එච් කලාපයේ පවුල් 25,000කට පමණ පිරිසිදු පානීය ජලය සැපයෙන අතර, මීට සම්බන්ධ ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ අංගමුව ජලාශයයි.

    මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. තලාව, තඹුත්තේගම හා ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙමගින් ආවරණය කෙරේ. කෝන්වැව, කලුන්දෑගම සහ හුරිගස්වැව යන ගම්මානවල ජලය ඝන මීටර 1500ක් ගබඩා කළ හැකි ජල ටැංකි 3ක් ඉදි කෙරේ.

    ජලය බෙදා හැරීම සඳහා කිලෝ මීටර 158කට අදාළ ජල නල එළීම මේ වනවිට අවසන්. ප්‍රධාන ජල පිරිපහදුව ඉදි කෙරෙන්නේ තඹුත්තේගම නගරය ආසන්නයේ. ඉන් දිනකට ජලය ඝන මීටර 18,000ක් පමණ පවිත්‍ර කිරීමට නවීන තාක්‍ෂණයෙන් සමන්විත උපකරණ සවි කෙරේ. සමස්ත ඉදිකිරීම් චීන හා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මකයි.

    Latest News