ඕමානයේ සිටි පුද්ගලයින් 315 ක් දිවයිනට

පෙබ 26, 2021

    ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි ශී‍්‍ර ලාංකිකයින් 315 දෙනෙකු දිවයිනට පැමිණේ. ඕමානයේ මස්කට් නුවර සිට ගුවන් යානා 02 කින් දිවයිනට පැමිණි බව කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පවසයි.

    ඔවුන් නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 9,556 ක්.

    Latest News