පැල ලක්‍ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්‍ෂ ක්‍රියාන්විතය ජනපතිගේ ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

පෙබ 22, 2021
  • පැල ලක්‍ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්‍ෂ ක්‍රියාන්විතය අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී. ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් ස්වාමිවරයාගේ 164 වන ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් ව්‍යාපෘතිය සංවිධාන කර තිබේ.

    "කර ලේන්සුව" පළඳවා ජනාධිපතිතුමා පිලිගනු ලැබුවේ, ප්‍රධාන බාලදක්‍ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින්. ජනාධිපතිතුමා රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකතනයෙන් පැළය ලියාපදිංචි කළේය.

    රට පුරා විසිර සිටින 70,000කට අධික බාලදක්‍ෂයින් පැල දෙක බැගින් ගෙවත්තේ සිටුවා රැක බලා ගැනීමට නියමිතයි. වැඩසටහනේ ඇගයීම සිදු කෙරෙන්නේ, "තුරු" ජංගම යෙදුම මගින්. ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 22 පෙබරවාරි 2021 21:46

    Latest News