සහල් මාෆියාව පාලනය රජයේ අරමුණයි; අමාත්‍ය මහින්දානන්ද (වීඩියෝ)

පෙබ 22, 2021
  • වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3ක සංචිතයක් රජය සතුව තබාගනිමින්, සහල් මාෆියාව පාලනය කිරීම රජයේ අරමුණ බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    මේ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 23,000ක් වෙන්කර ඇති බව, අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේය. වී ගබඩා කිරීම සඳහා නව ගබඩා 323ක් අලුත්වැඩියා කර තිබේ. එහි වී මෙට්‍රික් ටොන් තුන් ලක්‍ෂ 25,000ක් ගබඩා කිරීමේ පහසුකම් සහිතයි.

    ගොවියාට පොහොර, ජලය, රක්‍ෂණය, මෙන්ම තාක්‍ෂණය ද රජය මගින් නොමිලයේ සැපයෙනු ඇත. එසේ වගා කරන ගොවීන්ගේ සහල් අඩු මිලට ලබාගැනීම වැලැක්වීම සඳහා සහතික මිලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ, ගොවියාත්, පාරිභෝගිකයාත් සහල් මාෆියාවෙන් ආරක්‍ෂා කිරීම සඳහායි. ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න මෙම කන්නයේ දී වාර්තා වූයේ මෙට්‍රික් ටොන් ලත්‍ෂ 32ක් ලෙසයි. මේ වසරේ වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 50ක් නිෂ්පාදනය රජයේ අපේක්‍ෂාවයි. එමගින් ලැබෙන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්‍ෂ 30ක්.

    රටේ වාර්ෂික පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්‍ෂ 25ක් වන අතර, මේ වසරේ හාල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 5ක අතිරික්තයක් මේ වසරේ අපේක්‍ෂා කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    Last modified on සදුදා, 22 පෙබරවාරි 2021 22:36

    Latest News