විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ පැවසුවේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කර සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණයේ ඇති සමස්ථ තෙල් ටැංකි සංඛ්‍යාව 99ක්.
එහි එකවර ගබඩා කර හැකි ඉන්ධන ධාරිතාව ටොන් නව ලක්ෂ 99,000කට ආසන්නයි.
එය මෙරට මාස දෙකක ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණය කළ හැකි තරම් ධාරිතාවක්.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණයේ එහි ඉහල කොටසේ තෙල් ටැංකි 84ක් පවතිනවා.
පහළ කොටසේ ඇති තෙල් ටැංකි සංඛ්‍යාව 15ක්.
එම තෙල් ටැංකිවල මෙහෙයුම් සිදු කරන්නේ ඉන්දීය තෙල් සමාගමයි.
ඒ, 2003 වසරේ එළැඹි ගිවිසුමකට අනුවයි.
එහිදී එම තෙල් ටැංකි අයී ඕ සී සමාගමට වසර 35ක් සඳහා බදු දී ඇත්තේ වසරකට එක් ටැංකියක් සඳහා අමෙරිකානු ඩොලර් දහසක මුදලකටයි.
අමාත්‍ය උදය ගම්මන්පිල ඉකුත්දා ප්‍රකාශ කළේ ඉන්දීය තෙල් සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය එකතාව පළකර ඇති බවයි.
කෙසේවෙතත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණය සම්බන්ධයෙන් 2003 වසරේ අත්සන් කළ ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන් පසුව ප්‍රකාශ කළා.
ඉහළ කොටසේ ඇති තෙල් ටැංකි 84ද දෙරටටම වාසිදායකවන අයුරින් කළමනාකරණය කිරීම පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ.