එසේම පළමුවන අදියර සඳහා රුපියල් මිලියන 950ක් සහ දෙවන අදියර සඳහා රුපියල් මිලියන 1000ක් ද මේ වනවිට ලැබී ඇති අතර පළමු අදියරේ දී මිලියන 500ක් පුනරුත්ථාපනයට සහ ඉතිරි මිලියන 450 උපකරණ සඳහා වැය කිරීමට අපේක්ෂිත බව ද පැවසීය.
අමාත්‍යවරයා මේ බැව පැවසූයේ 2021/02/19 වන දින ගාල්ලේ දී පැවති ‘ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනෙහි’, සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ දී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපේ පාසල් පද්ධතිය සම්පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමකට නොඑසේ නම් මූලික ප්රතිසංස්කරණයකට ලක් කළ යුතුයි.
අපි දන්නවා ළමයි 50ක් පමණ සිටින පාසල් තිබෙනවා.
අපි ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන්, අනෙකුත් පහසුකම් සහ මුදල් වෙන් කළ යුතුයි.
එයින් විශාල ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නැහැ.
එවැනි දේවල් කඩිනම් වැඩපිළිවෙළකින් නිවැරදි කරගත යුතුයි.
ඊට ඉලක්ක ගත වැඩපිළිවෙලක් අවශ්‍යයි.
ලබන සතියේ කැබිනට් මණ්ඩලය රැස්වූවාට පසුව ජාතික පාසල් සම්බන්ධව කතා කිරීමට අපේක්ෂා කරනවා.
එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අපට මේ වනවිට නිර්දේශ ලැබී තිබෙනවා.
අවම ළමයි 750ක් සිටිය යුතු වීම, උසස් පෙළ පන්ති පවත්වාගෙන යාම, අවශ්‍ය පහසුකම් සංවර්ධනයට ඉඩකඩ පවතින භූමියක් තිබීම, අවට සහ පෝෂිත පාසල්වලින් දරුවන්ට පැමිණීමට හැකි තත්ත්වයක් පැවතිය යුතුවීම, ආදී නිර්දේශ සැලකිල්ලට ගනිමින් පාසල් තෝරන කටයුත්ත සම්බන්ධව සියලුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට ලිපියක් යොමුකරලා තිබෙන්නේ.
තවම ඒවාට පිළිතුරු ලැබී නැහැ. පිළිතුරු ලැබුණු පසු ඉක්මනින් එය ක්‍රියාවට නංවන්නට අපට පුළුවන්.
ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනුණා ‘ළඟම පාසල හොඳම පාසල වැඩසටහන’ පිළිබඳව.
එය සංශෝධන සහිතව ඉක්මනින් ක්‍රියාත්මක කිරීමත් අපේ අරමුණක්.
මම පසුගිය සතියෙත් පාසල්වලට ගියාම දැක්කා අවුරුදු 125කට වැඩි ඉතිහාසයක් තිබෙන පාසල්වල අබලන් ගොඩනැඟිලි.
ඒවා ප්‍රතිසංස්කරණය කරන්නට ඉහත වැඩසටහන යටතේම මුදල් ලබා දෙන්නට පුළුවන්.
ඒ නිසා ඉතා ඉක්මනින් එය කැබිනට් මණ්ඩල අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කිරීමට අපි බලාගෙන ඉන්නවා.
යනුවෙන් ද පැවසීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, ලසන්ත අලගියවන්න, මොහාන් පී. ද සිල්වා, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති සම්පත් අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.