ඥාණසාර හිමිට සමාව එපා - සන්ධ්‍යා ඉල්ලයි (විඩියෝ)

ජන 28, 2019
  • අතුරුදහන් වූ බව පැවසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් නීතිපතිතුමා හා අධිකරණ අමාත්‍යවරිය වෙත ලිඛිත ඉල්ලීමක් කරමින් පෙත්සමක් බාර දුන්නේය.

    ඒ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා ඇති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා තමාගේ විරෝධය පල කරමිනි.

    උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදීම මගින් ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීමේ නඩුව ඇතුළු ඒකට අනුබද්ධ නඩුවලට බලපෑම් ඇති විය හැකි බවද ඇයගේ පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිගේ හා අධිකරණ අමාත්‍යවරියගේ කැමැත්ත, අනුමැතිය හෝ නිරීක්ෂණ, ජනාධිපතිතුමා හෝ අනෙකුත් ආයතනය ලබාගෙන ඇති ද යන්න පිළිබඳව දැනුවත් කරන ලෙසත් ඇය ඉල්ලා සිටි.

    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 11:06

    Latest News