මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල කියා සිටියේ, මේ වනවිට අදාළ එන්නත් මාත්‍රා මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බවයි.
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඒ සඳහා කටයුතු සම්පාදනය වූ පසු එම එන්නත් මාත්‍රා දිවයිනට ගෙන්වීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළා.
කොරෝනා මර්දන එන්න්ත් දිවයිනට ගෙන්වීම නිසි ක්‍රමවේදයකට සිදු කරන බවයි, සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා.