ආවා 03 කට වැඩවරදී

ජන 27, 2019

    යාපනය, නාච්විඅම්මාන් කෝවිල අසලදී පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදුකර පළා ගිය ආවා කල්ලි සාමාජිකයන් තිදෙනෙකු අද (27) අත්අඩංගුවට පත්වූහ.

    යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සතුව තිබී කඩු දෙකක් පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කෙරිණ.

    මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ යාපනය පදිංචි චන්ද්‍රබාල අකිල සුමන් අවුරුදු 25යි, මානිප්පායි පදිංචි නාගරත්නම් ඩික්ෂන් නොහොත් මොට්ට ශිවා අවුරුදු 19 සහ යාපනය පදිංචි යුවරාසා ඩිලක්ෂන් අවුරුදු 23 යන අයවේ. ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    සැකකරුවන් ලබන 28 හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරිමට නියමිතයි. යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 19:20

    Latest News