ආණ්ඩුකාර මෛත්‍රි මහනුවර පොස්ටර් ගලවයි

ජන 27, 2019

    පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළඳ නාම පුවරුවලින් අපවිත්‍රවී ඇති මහනුවර නගරය අලංකාරවත් කිරීම සඳහා අලවා තිබු පෝස්ටර් ගලවා ඉවත් කිරීම අද (27) ආරම්භ කෙරිණ.

     ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    පෞද්ගලික උපකාරක පංති, දේශපාලන වැඩසටහන්, විවිධ වෙළඳ දැන්වීම් වලින් යුතු පෝස්ටර් අගවා තිබු අතර ඒවා ගලවා ඉවත් කෙරිණි. මහනුවර මහ නගර සභාවේ සේවකයන් විසින් නගරයේ දිරා ගිය ගස්වල අතු ඉවත් කිරීම සිදුකරනු ලැබුහ.

    පැය තුනකට ආසන්න කාලයක් මෙම ශ්‍රමදානය මහනුවර නගරයේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වුයේය. මහනුවර නගරයේ අවිධිමත් පරිදි පෝස්ටර් ඇලවීම තහනම් කරන බවත් එලෙස අලවන පිරිස් පිළිබඳව නීතිමය පියවර ගන්නා බවත් මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය.

     

     

    Latest News