"ඇස්ට්‍රාසෙනෙකා" එන්නත ලබාදීම අදත් දිවයින පුරා සාර්ථකව (වීඩියෝ)

පෙබ 01, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ වනවිට 59,154 දෙනෙකුට ලබාදී ඇති බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    එන්නත ලබාදීම අදත් දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල වෙත ලැබී ඇති කොවිඩ් එන්නත් තොගය දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාල වෙත ඊයේ බෙදා හැරිණ. දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු දස දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය එන්නත්වල පළමු මාත්‍රාවට 10,800ක් පමණ ලබා දී තිබේ.

    කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වෙත කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාදී තිබේ. එහිදී, 500 දෙනෙකුට එන්නත ලබාදී ඇති අතර, අද තවත් දහසකට පමණ එන්නත ලබාදෙන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කැදන්ගමුව මහතා පැවසීය.

    Last modified on සදුදා, 01 පෙබරවාරි 2021 22:13

    Latest News