කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

පෙබ 01, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය මේ වසරේ ජනවාරි මාසය තුළ දී 27.96% ක සුවිශේෂී වර්ධනයක් අත් කරගෙන තිබේ.

    වසර ආරම්භයේ දී ඒකක 6,774.22 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය මේ වසරේ ජනවාරි මාසය අවසානයේ දී සටහන් වූයේ ඒකක 8,668.07 ක් ලෙසයි.

    මේ අතර S&P SL 20 දර්ශකය ද පසුගිය මාසය තුළ දී 33.21% ක කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇති අතර වසර ආරම්භයේ දී ඒකක 2,638.10 ක් ලෙසින් සටහන් වූ S&P SL 20 දර්ශක අගය 2021 ජනවාරි මාසය අවසානයේ දී ඒකක 3,514.18 ලෙසින් සටහන් විය.

    මේ අතර, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධකරණය මෙම මාසය තුළ දී රු.බිලියන 2,960.64 සිට රු.බිලියන 3,789.15 ක් දක්වා 27.98% කින් ඉහළ ගොස් ඇත.

    Latest News