73 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

පෙබ 01, 2021

    පෙබරවාරි 04 වන දිනට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දිවයිනෙහි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරී කොට්ශාස ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව ඉඩ පහසුකම් සහිත පොදු ස්ථානවල හෝ පෞද්ගලික ඉඩම්වල මී පැළ, කොහොඹ පැළ හා කුඹුක් පැළවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් පැළසිටුවීමේ වැඩසටහන දියත් කරන ලෙසත් සෑම ගෙවත්තකම පළතුරු හෝ ආහාරමය වටිනාකමකින් යුක්ත පැළ හෝ ඖෂධ පැළ සිටුවීම සඳහා යොමුවිය යුතු බවත් එම රාජ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

    සෑම පොදු ස්ථානයකම, සෑම රාජ්‍ය පරිශ්‍රයකම හා සෑම ගෘහයකම පැළයක් රෝපණය කිරීම 73 වන නිදහස් දින උළෙලේදී ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් සිටුවනු ලබන පැළය භාරව කටයුතු කිරීමට හා පසු අධීක්ෂණ කටයුතු සඳහා එක් අයෙකු බැගින් පත්කරන ලෙසත් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

    Latest News