සත්වෝද්‍යාන හෙට සිට විවෘත කෙරේ

ජන 31, 2021

    කොවිඩ් - 19 තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමුණු සියලුම සත්වෝද්‍යාන සෞඛ්‍ය මාර්පෝදේශ වලට අනුව හෙට (01) සිට විවෘත කිරීමට නියමිතයි.

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය මේ බව පැවසුවාය.

    ඒ අනුව දෙහිවල සහ පින්නවල සත්වෝද්‍යානය සතියේ දින 7 පුරාත්, පින්නවල අලි අනාථාගාරය දින 3ක් විදේශීය සංචාරකයින් සඳහාත් දින 4ක් දේශීය සංචාරකයින් සඳහාත් විවෘත කෙරේ.

    එමෙන්ම රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් අන්තර්ජාලය හරහා වේලාවන් වෙන්කරවා ගත යුතුයි.

    Latest News