කොරෝනා එන්නත් ලක්ෂ 25ක් ඇණවුම් කෙරේ

ජන 31, 2021

    ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 25ක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය පවසයි.

    එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එම එන්නත් ඇණවුම් කර ඇති බවයි.

    එම එන්නත් තොගය මසක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවේය.

    විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, තවත් එන්නත් මිලියන 3.5 ක් ඇණවුම් කිරීම සඳහා සැලසුම් කර ඇති බවයි.

    මෙම ඇණවුම් දිවයිනට ලැබීමත් සමග වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයට එන්නත්කරණයට හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

    ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පසුගියදා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු අතර එය මේ වනවිට සෞඛ්‍ය සේවකයින්ට හා ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ලබාදීම සිදු කෙරේ.

     

    Latest News