නිරෝධායන නීතිකැඩූ තවත් 15ක් අත්අඩංගුවට

ජන 29, 2021

    පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අනුව, ඔක්තෝබර් මස 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2680 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News