මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාගේ වැඩතහනම් කෙරේ

ජන 23, 2021

    මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇත්තේ පරීක්‍ෂණයකට යටත්ව මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාගේ වැඩතහනම් කිරීමටයි.

    කොරෝනා ව්‍යාප්තිය හමුවේ රැදවියන්ට පිටතින් ආහාර සහ අමුත්තන් බැලීම තාවකාලිකව නතර කර තිබුණා.

    එම තීරණයට පටහැනිව මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා සිරකරුවෙකුට පිටතින් ආහාර ලබාදීමට නිලධාරීන්ට අනුබල දී තිබුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    ඒ අනුව අදාළ සිරකරුවාට පිටතින් පැමිණි පුද්ගලයෙකු ආහාර සමග ජංගම දුරකතන දෙකක් රැගෙනවිත් තිබුණා.

    ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියමයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් පරීක්‍ෂණයක්ද ආරම්භ කළා.

    ඉකුත්දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසු බන්ධනාගාර රැසක ඉහළ නිලධාරීන් ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබුණා.

    ඒ අනුව මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා, බන්ධනාගාර පුහුණු පාසලේ අධිකාරීවරයා ලෙස ස්ථාන මාරුකිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ.

    Latest News