තෙල් සංස්ථා සිද්ධියේ සැකකරුවෙකුට ඇප (වීඩියෝ)

ජන 25, 2019

    ඛනිජ තෙල් නීතිගත සංස්ථා සිද්ධියේ සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නියම කරයි.

    පසුගිය ඔක්තෝබර් 28 දා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමග කලහකාරී තත්වයක් ඇතිවිය. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියම කළාය.

    විත්තියේ නීතිඥවරු විසින් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම සිදු කළ අතර ඒ අනුව අදාළ සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

    අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 15 වනදා කැඳවීමට නියම කළ අධිකරණය, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළාය.

    මේ සිද්ධිය ඇති වූයේ පසුගිය ඔක්තෝබර් 28 වැනිදා ඇමති අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශට ඇතුලත්වීමට ගිය අවස්ථාවේදීය. සේවකයන් ඊට විරෝධය පළ කළ අතර එහිදී උණුසුම් තත්වයක් ද ඇතිවිය.

    ඒ අවස්ථාවේ ඇමති ආරක්ෂකයින් කළ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

     

    Last modified on සිකුරාදා, 25 ජනවාරි 2019 11:59

    Latest News