ශ්‍රී දළඳා මාළිගාව බැතිමතුන්ට විවෘතයි (වීඩියෝ)

ජන 18, 2021
  • ශ්‍රී දළඳා මාළිගාවේ තේවාව බාර ස්වාමීන්වහන්සේ හා දළඳා මාළිගාවේ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි අද (18) තහවුරු විය.

    ඒ තේවාව බාර ස්වාමීන් වහන්සේ පස් නමක් හා සිවිල් කාර්ය මණ්ඩලයේ 115 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවට අද ලක් කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු කෙරිණ.

    අද දින කළ පරීක්‍ෂණවලදී කිසිවෙකුටත් කොවිඩ්-19 රෝගය ආසාදනය වී නැතැයි, මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව, දළඳා මාළිගා පරිශ්‍රයේ ආරක්‍ෂිත බව තහවුරු වී ඇතැයි, ඔහු පැවසීය.

    මේ අතර, දළඳා මාළිගාවේ මාධ්‍ය සහ විශේෂ ව්‍යාපෘති කාර්යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, දළඳා මාළිගාවේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතු‍වෙන් 231ක් නිරෝධායනයට යොමු කළ බවයි. ඒ වෙනුවට වෙනත් ස්ථානවලින් නිලධාරීන් 189ක් ඊයේ අනුයුක්ත කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 19 ජනවාරි 2021 00:53

    Latest News