අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ජන 14, 2021

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වැලිකඩ පොලිස් වසමේ අරුණෝදය මාවත ප්‍රදේශයේදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    ඔහු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් පැකට් 296 ක් ලෙස සකස්කර තිබුණා.

    වැලිකඩ පොලීසියට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ.

    මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙලක්ෂ අනූහය දහසක්.

     

    Latest News