කොවිඩ් වසංගතය නිසා උඩු යටිකුරු වූ ආරුගම්බේ ජන ජීවිතය

ජන 14, 2021

    ආරුගම්බේ වෙරල තිරය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිතව ඇත්තේ දියමත ලිස්සා යාමේ ක්‍රියාව හෙවත් සර්ෆින් ක්‍රියාව සදහා සුදුසු වෙරල තිරයක් ලෙසය.

    ආසියාවේ 4 වන දර්ශණීය මුහුදු තීරය වන ආරුගම්බේ මෙරට අග්නිදිග වෙරල තිරයේ පිහිටා තිබේ.

    යුධ ජයග්‍රහණයෙන් පසු ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ලොව පුරා ප්‍රචලිත වුයේය.

    2010 වර්ෂයේදි සර්ෆ් වෘතිකයන්ගේ සංගමය එහි පලමු සර්ෆ් තරගාවලිය පැවැත්වූ අතර ඉන් අනතුරුව වාර්ෂිකව සර්ෆ් තරග සංවිධානය වීම නිසා ඉතා ඉහල සංචාරක ආකර්ශණයක් ආරුගම්බේ සංචාරක කලාපයට හිමිවිය.

    වසරකට ලක්ෂ 4 ක් පමණ විදෙස් සංචාරකයන් නිවාඩු ගත කිරීම සදහා ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණියහ.

    ප්‍රදේශයේ වෙසෙන පවුල් 3000 ක පමණ ප්‍රධාන ජීවනෝපාය වුයේ සංචාරක ව්‍යාපාරයයි.

    සර්ෆින් ක්‍රිඩාවට පැමිණෙන සංචාරකයන්ට පහසුකම් සලසමින් ඔවුන් සිය ජීවනෝපාය සකසා ගත්හ‍.

    එහෙත් කොවිඩ් වසංගතය අද ආරුගම්බේ ජන ජීවිතය උඩු යටිකුරු කර තිබේ.

    එදා සංචාරකයන්ගෙන පිරි පැවතුන හෝටල්, ලැගුම්හල් අද අයාලයේ යන බල්ලන්ගේ ලැගුම් හල් බවට පත්ව තිබේ.

    හෝටල් හා ලැගුම්හල් වසා දමා ඇත.

    ඇතැම් හෝටල් හා ව්‍යාපාරික ස්ථාන විකුණා දැමීමට ඒවායේ හිමි කරුවන් කටයුතු කර ඇත්තේ ජීවත් වීමට නොහැකි නිසාය.

    හෝටල් නිසි නඩත්තුවක් නැති නිසා අබලන්වී තිබේ.

    ආරුගම්බේ වැසිනයන් කියන්නේ තමන්ගේ දුක කාටත් නොදැනෙන බවයි.

    Latest News