ගජමුතු සමඟ සැකකරුවන් 05 ක් අත්අඩංගුවට

ජන 14, 2021

    ගජමුතු 04ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    අත්අඩංගුවට පත් පිරිස මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

    සොයාගත් ගජමුතු පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භකර තිබේ.

    Latest News