දික්ඔය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 15ක් ස්වයං නිරෝධායනයට

ජන 11, 2021

    දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්,හෙදියන්,කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙක් රෝහල තුලම ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

    ඉකුත් (08) දින හැටන් ප්‍රදේශයේ පදිංචි රෝගියෙක් එකෝ පරික්ෂණයක් සදහා රෝහලට පැමිණ ඇති අතර, පසුව එම රෝගියාව ගිලන් රථයක් මගින් මහනුවර ශික්ෂණ රෝහල වෙත තවත් රෝගියෙක් සමග යොමු කිරිමෙන් පසු මහනුවර ශික්ෂණ රෝහලේදි එම රෝගියාගේ සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව එකෝ පරික්ෂණ වාර්තාවක් ලබා ගැනිමට පැමිණ සිටි රෝගියාට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    විම නිසා එම රෝගියාගේ ළගම ආශ්‍රිතයින් වූ දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

    මේ අතර අසාදිතයාගේ හැටන් ප්‍රදේශයේ පිහිටි නිවසේ පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

    Latest News