හෙරොයින් ජාවාරම්කරුවන් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

ජන 23, 2019

    කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන් 5 දෙනා ලබන 29 තෙක් රඳවා ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක තිබී ඊයේ අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 1080කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 90කට අධිකයි.

    සැකකරුවන් අතර 29, 43 හැවිරිදි අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙක්, 45 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ජාතිකයෙක් හා 41, 39 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ද වෙයි. වැටලීම සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනි.

     

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 13:38

    Latest News