දෙමාපියන් අධ්‍යාපන කාර්යාලය වටලයි

ජන 23, 2019

    අනුරාධපුර අධ්‍යාපන කළාපයේ පාසල් 03 ක දෙමාපියෝ අද (23) අනුරාධපුර කළාප කාර්යාලයට පැමිණ ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බලකර සිටියහ.

    සියඹලාගස්වැව මැදගම විද්‍යාලයේ, පහළ හල්මිල්ලෑව ශ්‍රී දුටුගැමුණු විද්‍යාලයේ සහ මහාබෝධි විද්‍යාලයේ දැනට ගුරු හිඟයක් පවති. දෙමාපියන් ඒ ලෙස කලාප කාර්යාලයට පැමිණිය ද කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මහජන දිනය වු අද කාර්යාලයේ රැදී නොසිටීම හේතුවෙන් දෙමාපියන් ඔහු දොස් පවරමින් කාර්යාලයට ඉදිරිපිට පැය කීපයක් රැදී සිටි බව අප වාර්තාකරු පවසයි.

    අනතුරුව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. එම්. කේ. ආර්. බංඩාර මහතා පැමිණි අතර, විද්‍යාල තුනෙහිම දෙමාපියන් කළාප කාර්යාලයට ගොස් පාසල් වල පවතින ගැටලු ඉදිරිපත් කළහ. 2019 වර්ෂය ආරම්භයේ සිට දරුවන්ට එකදු අකුරක් හෝ උගන්වා නැති බවත්, දරුවන් පාසල් ගොස් සෙල්ලම් කර නැවත ගෙදරට පැමිණෙන බවත් එහිදී දෙමාපියන් කියා සිටියේ. දරුවන් අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බැවින් ඇතැම් දෙමාපියන් දරුවන් පාසල් නොයවන බවද දෙමාපියන් පැවසීය. නගරයේ පාසල් වලට සියලු පහසුම් ලබා දී ගමේ පාසල් වසා දැමීමට කටයුතු කරන්නේ මන්දැයි ඔවුන් අධ්‍යක්ෂගෙන් විමසා සිටියේය.

    සියලු කරුණු සළකා බැලූ අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර් බංඩාර මහතා එම විද්‍යාලයන්හී පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් විසඳන බවට ලබා දුන් පොරොන්දුව මත දෙමාපියන් විසර ගියහ.

    Latest News