ප්‍රදේශ කිහිපයකට වන අලි තර්ජන

ජන 03, 2021

    මහියංගනය, මිනිපේ සහ රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් ‍බල ප්‍රදේශවලට උග්‍ර වන අලි තර්ජන එල්ල වී තිබේ.

    එම ප්‍රදේශවල වගා බිම් රැසක් ද වන අලින් විනාශ කර ඇති බව වාර්තාවේ. මේ දිනවල මහියංගනය හා මිනිපේ ගොවි ජනපද ආසන්නයෙන් ගලා බසින මහවැලි ගඟේ දිවා කාලයේ අලි 12ත්, 15ත් අතර සංඛ්‍යාවකින් සමන්විත රංචුවක් රැඳී සිටී. රාත්‍රී කාලයේදී එම වන අලි වගා බිම් සහ අවට ගම්මානවලට පැමිණේ. ඇතැම් අවස්ථාවල අලි වෙඩි දැමුව ද එම වන අලින් පලා නොයනය බව වාර්තාවේ.

    ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ, මාස ගණනාවක් තිස්සේ මහියංගනය හා මිනිපේ ප්‍රදේශය ආශ්‍රිතව මහවැලි ගඟේ රැඳී සිටින මෙම අලි රංචුව මාදුරුඔය ජාතික උද්‍යානයට පලවා හැරීමට පියවර ගන්නා ලෙසයි.

    Latest News