මෙරට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය කොරෝනා වසංගතය සමඟ අඩාල වෙමින් පවතින වකවානුවක මෙම කර්මාන්ත ශාලාව ආදායම වර්ධනය කර ගැනීම විශේෂත්වයක්. පසුගිය වසරේ උක් මෙට්‍රික් ටොන් 316,000ක් නිෂ්පාදනය සඳහා භාවිත කර තිබේ. ඉන් නිපදවා ඇති සීනි ප්‍රමාණය ටොන් විසි දහසක්. මෙම වසරේ සීනි මෙට්‍රික් ටොන් විසි දහසක් නිෂ්පාදනය කිරීම ඉලක්කයයි. එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය ඊ.එන්.ටී. ධාරිතාව ද ලීටර් මිලියන 6.5ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.
ජාතික විදුලිබල පද්ධතියට සූර්ය බලශක්තියෙන් මෙගා වොට් දෙකක විදුලියක් සපයන මෙම කර්මාන්ත ශාලාව ඉදිරියේදී මෙගාවොට් 8.75ක විදුලිය ලබාදීමට ද සැලසුම් කර තිබේ. ඉවතලන උක් රොඩු උපයෝගි කර නිපදවන කාබනික පොහොර සහන මිලට ගොවීන්ට බෙදාදෙන අතර, ඔවුන්ගේ උක් ටොන් එකක් සඳහා රුපියල් 5500ක් ගෙවනු ලබයි. ඉදිරි තෙවසර තුළ සම්පූර්ණ ශුද්ධ ලාභය ලබන ආයතනයක් බවට මෙය පත් කිරීම අරමුණයි.