හෙට (04) සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

ජන 03, 2021

    හුදෙකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම සහ අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි හෙට (04) උදෑසන 5.00 සිට මුදා හැරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවය ඉවත් කරන ප්‍රදේශ

    පොලිස් වසම මෝදර පොලිස් වසම

    ග්‍රාම නිලධාරි වසම්. කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරි වසම සහ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම

    බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම

    මිරිහාන පොලිස් වසමේ පිටකෝට්ටේ දෙමලවත්ත

    ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසම...

    පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත ප්‍රදේශය.

    කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත.

    Latest News