රඹුක්කන තැඹිලිකුඹුරට සංචරණ සීමා පැනවේ

ජන 02, 2021

    රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල සීමාවට අයත් කොත්තනවත්ත ග්‍රාම නිලධාරී වසමට අයත් තැබිලිකුඹුර වත්ත ග්‍රාමයට සංචරණ සීමා පැනවිමට කටයුතු කළ බව පින්නවල මහජන සෞඛ්‍ය පරික්ෂක උදය කුමාර මහතා පවසයි.

    රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් 29දා සිදුකල පී සී ආර් පරික්ෂණයකින් අනතුරැව කොවිඩි ආසාදිත රෝගින් 12 දෙනකු තැබිලිකුඹුර වත්ත ප්‍රදේශයෙන් හමුවීමත් සමග දින නියමයකින් තොරව සංචරණ සීමා පැනවීමට රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ රඹුක්කන පොලීසිය ඵක්ව කටයුතු යොදා ඇත.

    මෙි වනවිට කොත්තනවත්ත ප්‍රදේශයෙන් කොවිඩි ආසාදිත රෝගින් 18 දෙනකු හදුනා ගෙන ඇත.

    කොරෝනා වෛරසය අසාදනය වු මෙම රෝගින් ඇසුරැ කළ පුද්ගලයන් සොයා නිරෝධායනය කිරීමට ඊයේ (31) දින මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු කටයුතු කළහ.

    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පලමු මරණය සිදුව ඇත්තේ ද මෙම කොත්නවත්ත ප්‍රදේශයෙනි.

    රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වනවිට කොවිඩි අසාදිත රෝගීන් 79 දෙනකු හදුනාගෙන ඇත.

    Latest News