පළාගිය කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනීමට සහය පතයි

දෙසැ 27, 2020

    නිවසින් පළාගිය කොරෝනා ආසාදිතයෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරයි.

    කොරෝනා සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයට ලක් කර ඇත. ඔහු කොරෝනා ආසාදිතයෙක් බව හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබේ. 22 හැවිරිදි නිමේෂ් මධුශංක නම් ඔහු මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 0112433333 හෝ 119 අංකවලට දැනුම්දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

    මෙම තරුණයා මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙක් බවත්, එම වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    Latest News