දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

දෙසැ 27, 2020

    දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය.

    සෙසු ප්‍රදේශවල අහස වලාකුළුවලින් බරව පවතින අතර තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට සවස් හෝ රාත්‍රී කාලයේ මිමි. 75ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තුවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    Latest News