කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි.
ඒ අනුව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත්, ස්වදේශීක අඹ වර්ග, මඤ්ඤක්කා සහ කටු අනෝදා ඇතුළු බෝග වර්ග රැසක් අපනයනය කිරීම ඉහළ නංවනු ඇති.
ඒ අනුව, එම බෝග වගා කරන බිම් ප්‍රමාණය වැඩි කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.
ගම්මිරිස් තෙල් නිෂ්පාදනය කර අපනයනය කිරීමට ද රජය තීරණය කර ඇත.
එම වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.